දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ට ඇප

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ.

 

යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙසත් අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

 

යාපනය ප්‍රදේශයේ දී අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

”එල් බෝඩ්” මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි ට උමන්දාවේ පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 45,000 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment