දේශීය

භූ කම්පන ගැන වාර්තාවක්

භූ කම්පනයක් සිදුවූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද (12) දිනයේදීත් ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි.

 

පෙරේදා (10) දහවල් බුත්තල, වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.5ක සහ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු භූ චලන දෙකක් සිදුවිය.

 

ඉන් අනතුරුව ඊයේ (11) අලුයම වැල්ලවාය ප්‍රදේශයේ ද රික්ටර් මාපකයේ ඒකක 2.3ක ප්‍රබලත්වයකින් යුතු සුළු භූ කම්පනයක් හටගෙන තිබූ බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය.

 

කෙසේවෙතත් මෙම භූ කම්පන බරපතළ නොවන බව එම කාර්යංශය පවසයි.

 

මෙම භූ කම්පන වලින් අනතුරුව එම කාර්යංශයේ විමර්ශන කණ්ඩායම් දෙකක් ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර අද දිනයේදීත් එම කටයුතු සිදුකරන බව එම විමර්ශන කණ්ඩායම සඳහන් කළේය.

 

ඊයේ දිනයේදී එම ප්‍රදේශවල ජනතාවගෙන් භූ කම්පනය සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති අතර අද දිනයේදීත් තවදුරටත් ජනතාවගෙන් තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් පැවසීය.

 

ඒ අනුව මෙම විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේදී මීට අදාළ වාර්තාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම නිලධාරීන් සඳහන් කළේය.

 

 

Related posts

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

Mohamed Dilsad

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපති

Editor O

Leave a Comment