දේශීය

අද කාලගුණය

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

Mohamed Dilsad

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment