දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40 -50ක් පමණ වන තරමක් තද සුළං ඇති විය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

Mohamed Dilsad

අමාත්‍ය මහින්ද අමරවීර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්ට සහාය දෙයිද…?

Editor O

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment