දේශීය

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

 

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව වාර්තා වේ.

 

සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා විනිවිඳභාවයෙන් සහ සංසන්ඳනාත්මකව සැලකීමට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ප්‍රසාදය පළකර තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සියලු කොන්දේසි සපුරා ඇති අතර එම ණය සහනය එම මාසය තුළ ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

 

 

 

Related posts

Express Pearl : පරිසර හානි පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනයට

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment