දේශීය

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

 

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව වාර්තා වේ.

 

සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා විනිවිඳභාවයෙන් සහ සංසන්ඳනාත්මකව සැලකීමට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ප්‍රසාදය පළකර තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සියලු කොන්දේසි සපුරා ඇති අතර එම ණය සහනය එම මාසය තුළ ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

 

 

 

Related posts

මීගමුවෙන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න ගිය 47 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් විදේශගතවෙයි.

Editor O

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment