දේශීය

කොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

යාපනය, තෙලිප්පලෙයි – කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

සිය නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේ සිසුවාට විදුලි සැර වැදී ඇති බව පොලීසිය පවසයි.

 

කොහොඹ අතු විදුලි රැහැනක ගැටී හේතුවෙන් මෙලෙස සිසුවාට විදුලිසැර වැදී ඇති පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 18 හැවිරිදි එස්. මදුෂන් නැමති පාසල් සිසුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

 

Related posts

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

මෙරටට පැමිණි මගීන්ට තීරු බදු රහිත භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

සීතාවකපුර නගර සභා බලය සමගි ජන බලවේගයට

Editor O

Leave a Comment