දේශීය

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

පවතින රියදුරු හිඟය හේතුවෙන් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී දුම්රියේ ධාවන කටයුතු නතරකර තිබේ.

 

පසුගිය සිකුරාදා සිට අදාළ දුම්රියේ ධාවන කටයුතු නතර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

රියදුරන් විශ්‍රාමයාමත් සමඟ දුර ගමන් ධාවනය වන දුම්රිය සඳහා සිටි රියදුරන්ගේ හිඟයක් මතුව තිබේ.

 

ඒ හේතුවෙන් ඇතැම් රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

 

දැනට සිටින දුම්රිය රියදුරන් ද දුරගමන් සේවා සඳහා යොමුවීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් දුරගමන් සේවා ධාවන කටයුතු සිදුකිරිම බරපතළ ගැටලුවක් වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

පවතින සේවක හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 20කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමද සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ICC තහනම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ කොවිඩ් 19 මරණ ලක්ෂ දෙක ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment