දේශීය

දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී

තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

ඊයේ (05) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති අතර ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

මව සහ අනෙක් ගොලු පිරිමි දරුවා ළිඳ තුළ ගලක එල්ලී සිටියදී ගොඩ ගෙන කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත.

 

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ආබාධිත පිරිමි දරුවෙකි.

 

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ගැටුමකින් 05 කට තුවාල

Mohamed Dilsad

සමගි ජන බලවේගය සහ එජාප ය ගත් අලුත් තීරණය

Editor O

Leave a Comment