දේශීය

වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

අම්බලන්තොට පාලමෙන් වළවේ ගඟට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ඔරුවක යමින් සිටි පුද්ගලයෙකු සමත්වී තිබේ.

 

එම පුද්ගලයා පවසන්නේ කාන්තාව බේරාගැනීමට ආධාරක කිහිපයක් දැමුවද කාන්තාව එය ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන් ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ගොඩබිම වෙත පැමිණි බවය.

 

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස කාන්තාව ගඟට පැන්න ස්ථානය කිඹුලන්ගෙන් ගහන ස්ථානයක් බවය.

 

කාන්තාව මෙලෙස ගඟට පැන ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරාගත් කාන්තාව ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබේ.

 

අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

IDH මංසන්ධියේ වළ වහන්න තවමත් බැරිවෙයි

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ වෙනස අද සිට

Mohamed Dilsad

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment