දේශීය

නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියි

අද (03) උදෑසන සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී ලෙස අධිවේගී මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4ක බලපත්‍ර සිය භාරයට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

 

කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී බස් රථ හඳුනාගෙන තිබේ.

 

අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේදී මගීන් අසුන්ගෙන ගමන්කළ යුතු වන අතර අදාළ බස් රථවල මගීන් හිටගෙන ගමන්කර ඇති බවද අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ට ලද තොරතුරුවලට අනුව කාර්යාල ප්‍රවාහන සේවා ලෙස මෙලෙස සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ සොයාගැනීමට සමත්ව ඇති අතර ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 

 

Related posts

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ”

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි තද වැසි

Mohamed Dilsad

Leave a Comment