දේශීය

නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියි

අද (03) උදෑසන සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී ලෙස අධිවේගී මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4ක බලපත්‍ර සිය භාරයට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

 

කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී බස් රථ හඳුනාගෙන තිබේ.

 

අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේදී මගීන් අසුන්ගෙන ගමන්කළ යුතු වන අතර අදාළ බස් රථවල මගීන් හිටගෙන ගමන්කර ඇති බවද අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ට ලද තොරතුරුවලට අනුව කාර්යාල ප්‍රවාහන සේවා ලෙස මෙලෙස සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ සොයාගැනීමට සමත්ව ඇති අතර ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 

 

Related posts

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් නඩුවෙන් තිලිණ ගමගේ නිදහස්

Mohamed Dilsad

මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

Mohamed Dilsad

Leave a Comment