දේශීය

භූමිතෙල් මිල අඩු කෙරේ

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

 

ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.

 

එහි ලීටරයක නව මිල රුපියල් 305කි.

 

එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

 

මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

 

එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

Related posts

තවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

ආණ්ඩුවේ ගුණ-අගුණ ගැන කියන්න අවුරුද්දක් විතර ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

Editor O

Leave a Comment