දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (01) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

 

උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

යාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි

Editor O

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

Mohamed Dilsad

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment