දේශීය

ණය ගැන චීනයේ ස්ථාවරය

ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අමෙරිකානු හා චීන මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ඉන්දියාවේ පැවැත්වෙන G20 මූල්‍ය සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

 

ඊට අමෙරිකාවේ සහ චීනයේ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එක්වී තිබුණි.

 

චීන ණය සහ සෙසු ක්ෂේත්‍ර පිළිබඳව මෙම දෙවන පෙළ සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල් සඳහා චීනය විසින් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව විවේචනය කර ඇති පසුබිමක මෙම හමුව සිදුවී තිබුණි.

 

ලෝකයේ විශාලතම ණය හිමියා ලෙස සැලකෙන චීනය G20 රටවලින් ඉල්ලා ඇත්තේ මෙම ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කර ඵලදායි ලෙස විසඳීමට මැදිහත් වන ලෙසය.

Related posts

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

Mohamed Dilsad

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීමට දැඩි කණස්සල්ල පළ කරමින් ජනපතිට ලිපියක් [LETTER]

Mohamed Dilsad

Leave a Comment