දේශීය

ණය ගැන චීනයේ ස්ථාවරය

ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අමෙරිකානු හා චීන මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ඉන්දියාවේ පැවැත්වෙන G20 මූල්‍ය සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

 

ඊට අමෙරිකාවේ සහ චීනයේ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එක්වී තිබුණි.

 

චීන ණය සහ සෙසු ක්ෂේත්‍ර පිළිබඳව මෙම දෙවන පෙළ සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල් සඳහා චීනය විසින් ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව විවේචනය කර ඇති පසුබිමක මෙම හමුව සිදුවී තිබුණි.

 

ලෝකයේ විශාලතම ණය හිමියා ලෙස සැලකෙන චීනය G20 රටවලින් ඉල්ලා ඇත්තේ මෙම ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කර ඵලදායි ලෙස විසඳීමට මැදිහත් වන ලෙසය.

Related posts

රනිල්ට සහාය දක්වන නව සන්ධානයක් අද (05) එළිදකී

Editor O

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

පොලීසියෙන් ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

Leave a Comment