ප්‍රමුඛ පුවත 1

ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

(උදයම්,කොළඹ)  – 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 2.00 සිට පස්වරු 7.00දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව පොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන දක්වා ජපන් මිත්‍රත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය හා පැලවත්ත හන්දියේ සිට කියන්හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගයන්හි මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.
මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කර මාර්ග තදබදය අවම කිරීමට සහය වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment