දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

 

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇත.

 

අද පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

 

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ නියෝගය ගැසට් කර තිබේ.

 

ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව සඳහන්ය.

 

අදාළ විවාදයෙන් අනතුරුව අද දිනයේ පෞද්ගලික මන්ත්‍රි පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත හා රතන තිස්ස සාම පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

 

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමු වරට අද රැස්වීමට නියමිතව තිබේ.

 

එහිදී කෝප් කමිටුව සඳහා සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීමට නියමිතය.

Related posts

ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….

Editor O

අදත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment