දේශීය

දේශබන්දුට එරෙහි පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් තාවකාලික අතුරු නියෝගයක්

 අරගලකරුවන් ජනාධිපති මන්දිරයට අයූතු ලෙස ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලිකව අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවා.

 

දින 14 කට බලපැවැත්වෙන පරිදි එම අතුරු නියෝග නිකුත් කර තිබේ.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ සහ සේනක මහින්දවංශ ජයසිංහ යන අය වෙත ලබන 28 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

 

එමෙන්ම අදාළ පුද්ගලික පැමිණිල්ල ලබන 28 වනදා තෙක් කැඳවීමෙන් හෝ විමසීමෙන් වළකින ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් නියෝග කර ඇති බව සඳහන්ය.

 

 

Related posts

මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

තවත් පොලිස් බල ප්‍රදේශ දෙකකට ඇඳිරි නීතිය යෙදවේ

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment