දේශීය

ත්‍රාසය සොයා ලංකාවට එන ප්‍රංශ යුවතියෝ

ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරගය වන ‘රේඩ් ඇමසන්ස් 2023’ තරගාවලිය අඛණ්ඩව දෙවන වරටත් මාර්තු 19 වැනිදා මහනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

 

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශ සහ යුරෝපියානු ජාතික ක්‍රිඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතය.

 

ඊට අනූග්‍රහය දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ ගෝලීය වශයෙන් යුරෝ මිලියන 10කට අධික ප්‍රචාරණයක් ලබාගැනීමට අපේක්ෂිතය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රේඩ් ඇමසන්ස් නිර්මාතෘ, ඇලෙක්සැන්ඩර් ඩෙබෑන් මහතා,

 

“ලංකාවට එන්න කලින් මම සංචාරකයින් පිළිබඳ තොරතුරු තියෙන ලෝකයේ පිළිගත් සඟරාවක තියෙනවා දැක්කා, ශ්‍රී ලංකාව ලොව ආකර්ෂණීයම සංචාරක මධ්‍යස්ථානය අතර පළමු පහේ තියෙනවා. ප්‍රංශ ජාතිකයින් පැමිණීමට කැමතියි. ඒ සඟරාව දැකකට පස්සේ මම ලංකාවට ආවේ. ඔබේ රටේ තියෙන සංස්කෘතිය, ඉතිහාසය, ආහාර වර්ග සහ මනුස්සකම අති විශිෂ්ට නිසාම ඔබලා මේ වගේ රටක ඉන්න ලැබීම ගැන හරි වාසනාවන්තයි. පසුගිය වසරේ රෙඩ් ඇමසන්ස් තරගාවලියේ අදියර 2ක් තිබුණා. ආර්ථික අර්බුදය මධ්‍යයයේ වුණත් ඒ සඳහා තරගකරුවන් 470 දෙනෙකු ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියා. මේ අවුරුද්දේ එක අදියරයි තියෙන්නේ. ඒ සඳහා ප්‍රංශ කාන්තාවන් 230 දෙනෙකු පැමිණෙන්නට නියමිතය. මේ සඳහා දායකත්වය ලබාදෙන ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ආයතනයට මා ස්තූතිවන්ත වෙන්න ඕනේ. මගේ අත්දැකීම් එක්ක මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. මම කාම්බෝජයේ තුන්වතාවක් මේ තරගාවලිය පැවැත්වුවා. නමුත් කාම්බෝජියාවේ ජාතික ගුවන් සේවයක් නොතිබීම ලොකු ගැටලුවක් වුණා. එයාලා ඔක්කෝම රඳා පැවතුනේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මතයි. ඒ නිසාම සති තුනක කාලයක් ගුවන් යානා තිබුණේ නෑ. කාම්බෝජය කියන්නේ කොවිඩ් ව්‍යාපෘතියට කලින් අවුරුද්දකට සංචාරයකින් මිලියන 10ක් ආපු රටක්. නමුත් කොවිඩ් කාලයේ සංචාරකයින් 50,000ක් විතරයි ඒ රටට අවුරුද්දක් තුළ ඇවිල්ලා තිබුණේ. ඊට හේතුව වුණේ කාම්බෝජය සතුව ශ්‍රී ලංකාවේ ශ්‍රීලන්කන් සේවය මෙන් ජාතික ගුවන් සේවයක් ඔවුන් සතුව නොතිබීමයි.”

Related posts

කොරෝනාවට එරෙහි පළමු එන්නත් තොගය අද දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment