දේශීය

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට තීරණයක්

ව්‍යවස්ථාදායක සභාව හෙට (06) යළි රැස්වීමට නියමිතය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

 

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා පළමුවරට රැස්වූ අතර ජනවාරි මස 30 වනදා ද යළි රැස් විය.

 

කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණි.

 

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබේ.

 

මේ වන විටත් පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් සඳහා නව පත්කිරීම් සම්බන්ධයෙන් හෙට දිනයේ රැස්වන ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

 

 

Related posts

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව සීඅයිඩී යයි

Mohamed Dilsad

Leave a Comment