දේශීය

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ බොහෝදෙනෙකු සිය රථවාහන රැගෙන ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණියේ පැරණි මිලට ඉන්ධන ලබාගැනීමේ අරමුණ සහිතවයි.

 

ඒ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඒ වනවිට වසා දමා තිබූ අතර ඇතැම් පිරවුම්හල් අඛණ්ඩව විවෘතව පැවතියේය.

 

එහිදී මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉන්ධන පිරවුම්හල් සිය මිල ඉහළ දැමීම සිදුකළද ඇතැම් ඉන්ධන පිරවුම්හල් පැරණි මිලටම පැමිණ සිටි සියලුදෙනාට ඉන්ධන බෙදාදුන් බවට අපට වාර්තාවිය.

 

මේ අතර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකද පැමිණ සිටි පිරිසට ඉන්ධන බෙදාහැරීම පැරණි මිලටම සිදුකළේය.

 

ඒ පිළිබඳව එහි සිටි සේවකයෙක් පළකලේ මෙවන් අදහසකි,

 

“වැඩිවෙලත් අපේ බොස් මේ වෙලාවේ, කට්ටිය පෝළිමේ ඉන්නවා කියලා මිනිස්සු වෙනුවෙන් මිල වැඩිවෙලත් තාම මිල වැඩිකරන්නේ නැතුව මේ වෙලාවේ තෙල් ගහනවා මිනිස්සු වෙනුවෙන්. ෂෙඩ් වහලා මිනිස්සු ඇවිත් තෙල් ගහගන්නවා රුපියල් 30ක් වැඩිවෙනවා කිව්වම. මේ වෙලාවේ වැඩ ඇරලා එනගමන්, නිදාගෙන ඉඳලත් එනවා. වැඩිකරලා නෑ අපි. වැඩිකරලා ෂෙඩ් එක වහන්න තිබුණා. ඒත් වැඩිකරන්නේ නැතුව අපේ බොස් ෂෙඩ් එක ඇරලා තෙල් ගහනවා. ඉතින් මිනිස්සුත් ඇවිත් වලි දාගන්නේ නැතුව ඇවිල්ලා තෙල් ගහගන්න ඕන

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්

Editor O

2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment