දේශීය

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව එකී පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබීය.

 

2023 වසරේ අයවැය යෝජනා මගින් විශේෂ විධිවිධාන පනත යටතේ නිෂ්පාදන බද්දට අයත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිතය සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ.

 

 

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

Mohamed Dilsad

Leave a Comment