දේශීය

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත.

 

පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඔහු අද (30) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment