දේශීය

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

තියුණු ආයුධ ඇතිව මොරගහහේන, ඔලබොඩුව, පින්නකොළවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට සහ යාබඳ නිවසකට කඩා වැඳී දේපළ රැසකට අලාභානි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

 

සැකකරුවන් සමග පහරදීමට යොදා ගත් කඩුවක් සහ අඩියක් පමණ දිගැති කිණිස්සක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැකකරුවන් දෙදෙනා තියුණු ආයුධ රැගෙන පැමිණ නිවැසියන්ට තර්ජනය කරන අයුරු නිවස ඉදිරිපිට සවිකර තිබූ සීසීටීවි කැමරාවල සටහන්ව තිබුණි.

 

එහිදී ඔවුන් තවත් දේපළ රැසකට පහරදී අලාභානි සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

 

කලකට ඉහත දී ව්‍යාපාරික නිවැසියන් හා පැවති ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදුකළ පහරදීමෙන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලට, දොර ජනේලවලට හාන්සි පුටුවකට, හා යාබඳ නිවසේ ගේට්ටුවකට, ජනෙලවලට ද බරපතළ හානි සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 සහ 43 අතර පසුවන්නන්ය.

 

සැකකරුවන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කර ඇත.

 

මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්ව

Related posts

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කිරීමට අවසර

Mohamed Dilsad

පානදුර ප්‍රදේශ කීපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

බත් පැකට්ටුවක මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment