දේශීය

ඉහළ කොත්මලේ ජලාශයේ තරුණයෙකුගේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

 

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

 

මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

”බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් අවශ්‍ය නැහැ ”

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

Mohamed Dilsad

කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment