දේශීය

යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදුන් යූරියා පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

 

රජයේ පොහොර සහනාධාරය යටතේ හිමිවන යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට මහවැලි B කලාපයේ දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුම පෙන්වා දී තිබුණි.

 

ඒ අනුව, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ද මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණ තිබේ.

 

පසුව එම පොහොර සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

 

කෙසේවෙතත් යූරියා යනු ඇමෝනියා බහුල රසායනික පොහොරක් බවත්, ඒ තුළ කිසිදු ජීවියෙකුට පැවතිය නොහැකි බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

ඩීසල් ගන්න ඉල්ලපු වරමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment