දේශීය

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙයි.

 

මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේනම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

අඩුපීඩන කලාපය ලබන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය පෙබරවාරි මස පළමුවන දින මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.

Related posts

විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජන­ව­රම පාවා­දී­මක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

Editor O

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

Editor O

ජංගම වෙළෙඳ රථ නාවොත් 1965 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment