දේශීය

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙයි.

 

මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේනම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

අඩුපීඩන කලාපය ලබන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය පෙබරවාරි මස පළමුවන දින මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.

Related posts

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළොත් දුම්රිය ධාවනය මෙහෙමයි

Mohamed Dilsad

දුම්රිය128 ක් ධාවනය ඇරඹේ

Mohamed Dilsad

අනුරාධපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කඩ සාප්පු සහ වෙළඳසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment