දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා එල්ලවී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉස්මයිල් නමැත්තා ඇපමත මුදාහැරීම කොළඹ මහාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කර තිබේ.

 

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය.

 

විත්තිකරු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලීම් කර තිබුණි.

 

මෙම නඩුවට අදාළ පළමු සහ දෙවන විත්තිකරුවන්ගේ වයෝවෘද්ධ භාවය සහ අපරාධයට දක්වා ඇති දායකත්වය සලකාබලා මින් පෙර ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැර තිබුණි.

 

Related posts

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

Leave a Comment