දේශීය

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා නිවසක් කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉකුත් 03 වනදා සිදුවූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන්

කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකර තිබුණි.

 

සැකකරුවන් විසින් එම නිවසේ තිබී රුපියල් 75,000ක් වටිනා රන් මුදු 02ක්, රුපියල් 25,000ක් වටිනා ජංගම දුරකථන 03ක් කොල්ලකා තිබේ.

 

ඊයේ (30) අළුබෝමුල්ල ප්‍රදේශයේදී මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අපරාධය සඳහා යොදාගත් වෑන් රථයක්, යතුරුපැදියක් සහ ව්‍යාජ අංක තහඩු 02ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

 

සැකකරුවන් 22, 24 සහ 25 යන වයස්වල පසුවන තරුණයින්ය.

 

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මොවුන් වාහන යොදාගෙන මෙවැනි අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවටය.

 

ඒ අනුව තවත් ජීප් රථ 03ක් සහ යතුරුපැදි 03ක් සොයාගෙන ඇත.

 

විදේශගතව සිටින පුද්ගලයෙකු විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවද විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිවී තිබේ.

Related posts

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීම භාර දෙයි

Mohamed Dilsad

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ගැටළු ගැන අගමැතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment