ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 143 දරන ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත් විය.

 

එමෙන්ම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ඔවුන් අද සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

Related posts

ඕස්ට්‍රේලියාව කඩුලූ 7කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

Mohamed Dilsad

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

Mohamed Dilsad

Leave a Comment