දේශීය

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

නැප්තා ඉන්ධන නොලැබීම හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අද (12) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

 

නැප්තා ලබාගැනීමට අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අද දිනය තුළදී ලබාදීමට නොහැකි වුවහොත් බලාගාරයේ ජනන කටයුතු නැවතීමේ අවදානමක් මතුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාද අද පස්වරුවේ තහවුරු කළේය.

 

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවයක් සපයනු ලබයි.

 

අඩු මිලට විදුලිය නිපදවිය හැකි නැප්තා ඉන්ධන මෙම බලාගාරය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබානොදීම හේතුවෙන් එය අද මධ්‍යම රාත්‍රියේ අක්‍රිය විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවසීය.

 

මේ වනවිට නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක්ද ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් දෛනිකව අහිමිවී තිබේ.

 

එවන් පසුබිමක කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයද අක්‍රිය වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 435කි.

 

Related posts

රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ – අනුර කුමාර

Mohamed Dilsad

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

Mohamed Dilsad

ගොවියාට නිසි කලට පොහොර නෑ. අස්වැන්නට නියමිත මිලක් නැහැ : ගොවි ජනතාව අසීරුතාවට පත් කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment