දේශීය

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

කොළඹ තුරඟ තරග පිටියේදී තරුණියක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණියගේ පෙම්වතා පොලීසිය විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

 

ඝාතනයට ලක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

 

තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ තරුණිකයකගේ මළසිරුර කොළඹ තුරඟ තරග පිටියේ පඩිපෙළක් මතදී අද දහවල් සොයා ගැණුනි.

 

තියුණු ආයුධයකින් කපා තරුණිය ඝාතනය කර තිබූ අතර ඇගේ ගෙල දෙපස කැපුම් තුවාල පැවති බව පොලීසිය සඳහන් කළේය.

 

විශ්වවිද්‍යාලයේ දේශන අවසන් වීමෙන් අනතුරුව අද පෙරවරු 11ට පමණ ඇය සිය පෙම්වතා සමඟින් කතාබහ කිරීම සඳහා තුරඟ තරඟ පිටිය දෙසට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

 

පොලීසිය පැවසුවේ ඇයගේ පෙම්වතාද කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන තරුණයෙක් බවය.

 

සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා තුරඟ තරඟ පිටිය අසලින් ගමන් ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

 

සිද්ධියට අදාළව සැකකාර පෙම්වතා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත මාරපන මහතාගේ අධීක්ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 

මියගිය තරුණිය මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතාට යෝජනා කර ඇති අතර ඇයව වෙනත් අයෙකුට අයිති වේ යැයි සිතා අදාළ තරුණයා එම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Related posts

රන් භාණ්ඩ අලෙවිසැළක් කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඩයනාගේ නඩුව අතරතුර නීතිඥවරු උණුසුම් වචන හුවමාරුවක

Mohamed Dilsad

වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් අද රට පුරා උද්ඝෝෂණ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment