දේශීය

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (25) දිනයේ දී කුරුණෑගල ප්‍රදේශයේ දී ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කුරුණෑගල පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද පරික්ෂා කිරීමකදී මෙම තරුණයා අත්අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ ලොතරැයිපත් 232ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර ඔහුව අද (26) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාකිස්තානයේ සංචාරයක නිරත වූ භික්ෂූන් වහන්සේලා යළි දිවයිනට

Mohamed Dilsad

ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාවෙන් ඩොලර් බිලියනයක් අය කර ගැනීමේ නඩු තීන්දුව අධ්‍යයනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

Editor O

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment