දේශීය

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (25) දිනයේ දී කුරුණෑගල ප්‍රදේශයේ දී ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කුරුණෑගල පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද පරික්ෂා කිරීමකදී මෙම තරුණයා අත්අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ ලොතරැයිපත් 232ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර ඔහුව අද (26) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලා බව පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

මුඛ ආවරණ නොමැති තවත් 1441ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment