දේශීය

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

මෙතෙක් ගන්නා ලද ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස පහළට ගමන් කරමින් තිබූ මෙරට ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක මේ වන විට පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ඊළඟ පියවර ලෙස විදේශ විනිමය යම් ප්‍රමාණයක් ලබාගෙන ණය ගෙවීම් නැවත ක්‍රමානුකූලව පටන්ගෙන රටේ විශ්වාසය ඇති කර විදේශ විනිමය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කළ හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රටේ මූලික දේවල් සිදු කිරීම සඳහා සීමිත විදේශ විනිමය කළමණාකරනය කර ගැනීමට හැකිවී ඇති බවයි විශේෂ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රට ආර්ථික වශයෙන් ස්ථාවරවීමට නම් රටට අවශ්‍ය වියදම් ප්‍රමාණය සිදු කර ගැනීමට ප්‍රමාණවත් ලෙස විදේශ විනිමය ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Related posts

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිට

Mohamed Dilsad

මතුගම ප්‍රාදේශීය සභාවේ බහුතරය සමගි ජන බලවේගයට

Editor O

ඇමරිකාවට හිම කුණාටු

Editor O

Leave a Comment