දේශීය

ඉන්ෆලුවෙන්සා රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඉන්ෆලුවෙන්සා රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ඉන්ෆලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දිවයින පුරා රෝහල් 19 ක බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් ලබාගත් සෙම පටල පරික්ෂාවේදී මේ බව තහවුරුවී තිබෙනවා.

මේ වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, කුරුණෑගල, පොළොන්නරුව, හලාවත, රාගම හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්වලින් බවයි සඳහන් වන්නේ.

ඉන්ෆලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව පවතින අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උප‍දෙස් ලබා ගන්නා ලෙසයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.

Related posts

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 220 කට කොරෝනා

Mohamed Dilsad

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment