දේශීය

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව සඳහන් කර තිබෙනවා.

 

මෙම පෙත්සම අද (13‍) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටි අතර සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා ශේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර එය සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

Mohamed Dilsad

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment