දේශීය

අද දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණයක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

Editor O

Leave a Comment