ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 16 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් වුණා.

 

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක්, පැතුම් නිස්සංක ලකුණු 33 ක්, චරිත් අසලංක ලකුණු ලකුණු 37 ක් හා දසුන් ශානක ලකුණු 56 ලබා ගත්තා.

 

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2 ක්, Umran Malik කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් වුණා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 190 ක් පමණයි.

 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂන්ක කඩලු 2 ක්, හා දසුන් ශානක කඩුලු 2 ක් හා වනිඳු හසරංග, චාමික කරුණාරත්න එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Related posts

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් ගැන පුහුණුකරුගේ අදහස

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත ලබාදීම අත්ටුවයි

Mohamed Dilsad

Leave a Comment