දේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

(UTV | කොළඹ) – තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව ආගමන – විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08)පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කළ බවයි.

ඒ අනුව ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට යළි ක්‍රියාත්මක වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

IDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.

Editor O

පාර්ලිමේන්තු කතානායක ධුරය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment