දේශීය

තද සුළං සහ අකුණු අවදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment