ක්‍රීඩා

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

(UTV | කොළඹ) – වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගකීම භාරගත යුතුබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන මහතා පවසයි.

අද(07) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිට කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි පසු මාධ්‍යට අදහස් දක්වමින් මහේල මෙසේ පැවසීය.

තවද ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් තම කණගාටුව පළකරන අතර එම සිද්ධියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට බලපෑමක් නොවන බවද ඔහු පැවසීය.

කණ්ඩායම තුළ දක්ෂා තිබුණ ද අවසන් පූර්ව තරගයට එක්වීමට නොහැකි වීම පිළිබඳ තමා කනගාටු වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක, මහේල ජයවර්ධන මහතා පවසයි.

Related posts

ඉන්දීය – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරඟය අදයි

Mohamed Dilsad

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Mohamed Dilsad

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

Leave a Comment