දේශීය

තෙල් මිල පහළ ට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.

Related posts

අකුරණ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

Mohamed Dilsad

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

Mohamed Dilsad

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

Leave a Comment