දේශීය

බදු ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ 2022 වසරේ බදු ඉලක්කය වූ රුපියල් බිලියන 915න් සියයට 68.4%ක ඉලක්කයක් මේ වනවිට සපුරා ගෙන ඇති බවයි.

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා පැවසුවේ අද (03) ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන එම වාර්තාවේ අවසන් සාකච්ඡාව බවයි.

අමාත්‍යවරයා සඳහන් කරේ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇති බවයි.

Related posts

ලුණු මිල ඉහළ යෑමට මාලිමා ආණ්ඩුවේ ඇති සම්බන්ධය ගැන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

බාල බෙහෙත්වලින් දෙදෙනෙක් මියයෑම ගැන රටට කියූ නිසා, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment