ක්‍රීඩා

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

(UTV | බ්‍රිස්බෙර්න්) – T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම් අතර තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායට සමත් විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත් විය.

මෙහිදී රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 24කදී ලකුණු 28 ක් ද උස්මාන් ගානි පන්දු 27කදී ලකුණු 27ක්ද ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 30කට කඩුලු 2ක් ද වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් වෙයි .

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කරගැනීමට සමත්විය.

Related posts

ඉන්දිටවට යාමට ගිය ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම නැවත හැරී එයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

LPL තරඟාවලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා

Mohamed Dilsad

Leave a Comment