දේශීය

මෛත්‍රීගේ අලුත් සන්ධානය

(UTV | කොළඹ) – මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාටද, පොදුජන පෙරමුණ පර්ශ්වයෙන් බලපෑම් ඇති බැවින් ඔහුට ද නිවැරදිව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඡන්දයක් එනවා කියලා කියනවා.. අපි තනි තනිව නෙමෙයි සන්ධානයක් ලෙසයි තරග කරන්නේ.”

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, ‘පොහොට්ටුව මහින්ද රාජපක්ෂ සමග නැඟිටින්න හදනවා නේද?’ යනුවෙනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඔව් ඔව්.. නැඟිටින්න හදනවා.. මොකෙන්ද දන්නෑ නැඟිටින්න හදන්නේ. කොහෙ නැඟිටින්න ද ඒගොල්ලන්. වේදිකාවේ නඟින්න යාචකයෙකුටත් පුළුවන්.”

Related posts

අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක්

Mohamed Dilsad

පිරමීඩ් ජාවාරමේ මහමොළකරුවන් හසුවෙයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment