දේශීය

තීරණාත්මක IMF සාකච්ඡාවක් ළඟඳීම

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා සාකච්ඡා කිරීමට නියමිත බව යි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඔහුගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බවත් සාගල රත්නායක විසින් අදාළ නිලධාරින්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Related posts

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බූස්ටර් නොගැව්වොත් වැඩ වරදී

Mohamed Dilsad

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

Leave a Comment