දේශීය

පෞද්ගලික වාහනවලින් වනෝද්‍යානවලට ඇතුළුවීම තහනම්

(UTV | කොළඹ) – වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

වනජීවි දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි සංචාරක මග පෙන්වන්නන් 6 හා වනජීවි නියාමක නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටිමක් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

Related posts

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment