දේශීය

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ (27) බලශක්ති අමාත්‍යංශයේදී පවත්වා ඇත.

ඊජිප්තුවේ පවත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිලිබඳ සමුළුව, මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති, විදුලි ධාවන පරිවර්තනය, විකල්ප ඉන්ධන භාවිතය, හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය සහ මෙරට එම පරිවර්තනයන්ට බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 කට අද පොදු සමාව

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

Mohamed Dilsad

එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර

Mohamed Dilsad

Leave a Comment