දේශීය

ලංවිමෙන් තවත් ගාස්තුවක් පාරිභෝගිකයාගේ මල්ලට

(UTV | කොළඹ) – විදුලි බිල අය කර ගැනීමේදී තැපැල් දෙපාර්තමේන්තුවට විදුලි බල මණ්ඩලය මෙතෙක් ගෙවූ සියයට 2ක කොමිස් මුදල ගෙවීම නතර කර ඇති බැවින් ඒ වෙනුවෙන් සෑම විදුලි බිලකට ම රුපියල් 20ක් පාරිභෝගිකයාගෙන් වැඩිපුර අය කර ගන්නා ලෙස තැපැල්පතිවරයා චක්‍රලේඛයක් මගින් තැපැල් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

මෙම අය කර ගැනීම සිදු කරන්නේ තැපැල් කාර්යාල එම බිල්පත් අය කර ගැනීම හා ඒවා විදුලි බල මණ්ඩලයට යැවීම සඳහා වන මෙහෙයුම් කටයුතු සඳහා යැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් විදුලි බිලට පමණක් අදාළව මුදල් රැගෙන තැපැල් කාර්යාල වෙත එන පාරිභෝගිකයින් අසරණ වන බව ත් ඔවුන් විදුලි බිලට හිඟ තබා මෙම ගෙවීම සිදු කරන බව ත් තැපැල් ස්ථානාධිපතිවරු පවසති.

Related posts

අද පැයක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 70, 000 ඉක්මවයි

Mohamed Dilsad

දකුණේ පාසල් විෂබීජහරණය කිරීමට රුපියල් මිලියන 100 ක්

Mohamed Dilsad

Leave a Comment