විදෙස්

නව අගමැති වැඩ ඇරඹේ

(UTV |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සිය කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබේ

ඒ අනුව උප අග්‍රාමාත්‍යවරයා ලෙස සහ අධිකරණ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ බොරිස් ජොන්සන් රජයේ එම ධුරයේම කටයුතු කළ ඩොමිනික් රාබ්.

ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස ස්වේලා බ්‍රාවමන් පත් කෙරුණා.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ග්‍රෑන්ඩ් ෂැප්ස් වන අතර, ඔහු ධුරයේ වගකීම භාර ගෙන දින 6කට පසුවයි රිෂී සුනක්ගේ නව කැබිනට් මණ්ඩලයෙන් ඔහු නෙරපා හැර ඇත්තේ.

විදේශ කටයුතු ලේකම් ලෙස ජේම්ස් ක්ලෙවර් සහ ආරක්ෂක ලේකම් ලෙස බෙන් වැලස් පත් කෙරුණා.

ඒ සමඟ කැබිනට් මණ්ඩලයේ ලේකම් ධුර 30ක් සඳහා නව ලේකම්වරු ද පත් කර තිබෙනවා.

Related posts

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

පකිස්ථානයේ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment