දේශීය

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

(UTV | කොළඹ) – කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ(19) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවට වාර්තා විය.

ඒ වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසුවිය.

මීට සති තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වෙයි.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මාළිගාකන්ද විද්ද්‍යෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ 1984 වසරේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති බව සඳහන් වේ.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළේය.

Related posts

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

Mohamed Dilsad

ඉලංකයෙි තමිල් අරුසු පක්ෂයේ නායකයා ජනාධිපති රනිල් ගැන විශ්වාසය තබයි.

Editor O

අංගොඩ ලොක්කාගේ කල්ලිය උපයා ඇති දේපළවල වටිනාකම හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment